Whats app අලුත් වෙයි

Whats app අලුත් වෙයි

මේ වසරේ මුල සිට වරින් වර නව විශේෂාංග හඳුන්වාදුන්  Whats app මේ දිනවල තවත් නව්‍යකරණයන් රැසක් කිරීමට සැරසෙනවා. Whats app භාවිත කරන ඔබට මේ වන විටත් ඒ ඇතැම් වෙනස් කම් අත් දකින්නට හැකියාව ලැබී ඇති. එසේම Whatsapp beta version හරහා ඒ නව වෙනස්කම් අත්හදා බැලීමටත් හැකියාව පවතිනවා.

Whats app - 2021 වසරේදී  හඳුන්වා දෙන නව විශේෂාංග මෙසේයි.

Multi-device function 


මේ හරහා ඔබට එකම whats app ගිණුම එකවර උපකරණ 04 ක භාවිත කිරීමට හැකියි. එසේම ප්‍රධාන ගිණුම තිබෙන ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම හෝ එය ක්‍රියාත්මකව තිබීම තව දුරටත් අත්‍යවශ්‍ය වන්නේ නැහැ.

Group Call සඳහා අතරමගදී සම්බන්ධ වීමේ හැකියාව 


මින් පෙර ඔබට Group call එකක් මග හැරුණ විට නැවත ඊට සම්බන්ධ වීමේ හැකියාව ලැබුණේ නැහැ. නමුත් නව විශේෂාංග යටතේ ඔබට අතරමගදී වුවත් ඔබව සම්බන්ධ කර ලබාගත් කණ්ඩායම් ඇමතුමට සම්බන්ධ වීමට ඉඩ ලැබෙනවා. එසේම ඔබට ඇමතුමක් අතරමගදී ඉන් බැහැර ගොස් නැවත පැමිණීමේ හැකියාවද ලැබී තිබෙනවා.


පුළුල් Archive පහසුකම් 

 


මින් පෙර Group එකක් හෝ Contact එකක් Archive කළත් ඒ සඳහා නව පණිවිඩයක් ලද විට එය තිරයේ දිස් වීම සිදු වුණා. නමුත් දැන් නැවත ඔබ එය පිරික්සා බලන තුරු නව පණිවිඩ ලැබුනද Archived chat එකක් ලෙසම ඒවා පවත්වා ගත හැකියි.

Settings ඔස්සේ පෙර ආකාරයෙන්ම Chat එක Archive කළ විට ඔබට මේ පහසුකම ලැබෙනවා.

Last seen දැකීමේ හැකියාව පාලනය 

Contacts අනුව Last seen පෙනෙන්නට හෝ නොපෙනෙන්නට සකස් කිරීමේ හැකියාවත් නව විශේෂාංග ඔස්සේ ඔබට ලැබෙනවා. මින් පෙර last seen පහසුකම සඳහා Everyone', 'My Contacts' සහ 'Nobody' යන තෝරාගැනීම් පමණක් පැවති අතර නව සංස්කරණය යටතේ My Contacts Except යන option එකත් ලැබෙනවා.

View once පහසුකම 

 


Photo සහ video යවන්නා වෙත එක් වරක් පමණක් දිස් වීමෙන් පසු මැකී යාමේ පහසුකම මේ වන විටත් Whats app ලබා දී තිබෙනවා. Galleryය මඟින් ඡායාරූප හෝ වීඩියෝ Attach කිරීමේදී (1 ) සලකුණ සටහන් කිරීමෙන් එලෙස පණිවිඩ යැවීමට පුළුවන්.


Instagram reels නැරඹීමේ හැකියාව

ඉන්ස්ටග්‍රෑම් කෙටි වීඩියෝ Whats app ඔස්සේම නැරඹීමේ හැකියාව ඉදිරියේදී  ලබා දීමට සූදානමක් තිබෙන බව Whats app ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

Yellow pages වැනි ව්‍යාපාරික නාමාවලියක් 

ඉතා පහසුවෙන් ව්‍යාපාරික දුරකථන අංක සොයාගත හැකි ව්‍යාපාරික නාමාවලියක් (business directory) හඳුන්වාදීමට whats app සූදානම් බවත් වාර්තා වනවා. අවශ්‍යතාවය අනුව අදාළ භාණ්ඩය හෝ සේවාව සපයන ආයතන මේ ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇති.

New interface - නව පෙනුමක් 

 


Whats app interface හි නව වෙනස්කම් කිහිපයක්ද සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. සුළු වර්ණ වෙනස්කම් සහ තවත් වෙනස්කම් කිහිපයක් මේ අතර වෙනවා.

ios හි සිට Android වෙත Chat history මාරු කිරීමේ හැකියාව

නව සංස්කරණ සමග මෙම පහසුකමත් ලැබෙන බව වාර්තා වෙනවා. USB C cable එකක් හරහා ඉතා පහසුවෙන් එම කටයුතු කිරීමට හැකි වනු ඇති බවයි කියවෙන්නේ.

Log out පහසුකම 


ඉදිරියේදී මෙම පහසුකමත් ලබා දෙනු ඇති බවට වාර්තා පල වෙනවා. Delete Account වෙනුවට අනවශ්‍ය අවස්ථා වලදී ඉන් බැහැරව සිටීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති.

මෙම පහසුකම් අතරින් ඇතැම් පහසුකම් දැනටමත් සියළු whatsapp පරිශීලකයින්ට ලැබී ඇති අතර තවත් ඒවා beta version ලබා ගත් පිරිසට පමණක් අත්හදා බලන්නට හැකි වී තිබෙනවා. මේ වන විට beta version වෙත පිවිස කැමැත්තෙන් නව වෙනස්කම් අත්හදා බලන පිරිස උපරිමයට ළඟා වී තිබෙනවා. ඉතා ඉක්මනින් සියළු පරිශීලකයින්ට නව අත්දැකීම් සමීප කර ගත හැකිවනු ඇති බවයි Whats App ආයතනය පවසන්නේ.