තියඩෝර් ජෝන් කැසින්ස්කි නැත්නම් ගොඩක් අය දන්න විදිහට ටෙඩ් කැසින්ස්කි ප්‍රසිද්ධ වුනේ "Unabomber" කියන අන්වර්ථ නාමයෙන්. 1942 තමයි ටෙඩ් කැසින්ස්කි උපත ලබන්නේ. පොඩි කාලෙ ඉඳන් වැඩිය කතා බහක් නැති දරුවෙක් උනත් ටෙඩ් කියන්නෙ බුද්ධිමතෙක්. අවුරුදු 16 දී හාර්වඩ් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන ටෙඩ් ගණිතයට විශේෂ දක්ෂකමක් පෙන්නනවා. වයස අවුරුදු 25 වෙනකොට ගණිතය පිළිබඳ PhD උපාධියක් ටෙඩ් සතු වෙනවා. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ටෙඩ් ට දීප්තිමත් අනාගතයක් උදාවෙයි කියලයි. කැලිෆෝනියාවේ බර්ක්ලි සරසවියේ සහය මහාචාර්ය තනතුරක් ටෙඩ් ට ලැබෙද්දි, ඒ පත්වීම ලබපු ලාබාලම පුද්ගලයා වුනේ ටෙඩ්.
කොහොම නමුත් මානසික හෝ සමාජීය ගැටලු නිසා හැමදේම හදිසියේ අත්හරින ටෙඩ් කුඩා පැලක පදිංචියට යනවා. විදුලිය හෝ ජලය නැති මේ පැල තමයි ඊළඟ වසර 25 ක් තුල ටෙඩ්ගෙ නිවහන වෙන්නේ. තනිවම ජීවත් වෙන්න , නිර්මාණ කරන ටෙඩ් වරින් වර සමහර රැකියාවල නිරත් වෙනවා. මේ ජීවත් වෙන රටාවත් එක්කම තමයි ටෙඩ් කියන පුද්ගලයා අන්තගාමී පරිසරවේදියෙක් වෙන්නේ. තමන් ජීවත් වෙන අවට පරිසරය විනාශ වෙද්දි ටෙඩ් තීරණය කරනවා තමන් තවත් ඉවසුවා ඇති කියලා.
පරිසර විනාශයට ටෙඩ් ගේ පිළිතුර වෙන්නෙ තැපැල් බෝම්බ.! 1978 - 1995 දක්වා ටෙඩ් තමන් විසින්ම නිපදවපු බෝම්බ යොදා ගන්නවා වගේම , ඒවායේ කිසිම ඇඟිලි සලකුණක් නැති වෙන්නත් , පරීක්ෂකයන් නොමග යවන්න බොරු සාක්ෂි ඇතුලත් කරන්නත් සමත් වෙනවා.
ටෙඩ්ගෙ බෝම්බයක් බොයිං 727 ගුවන්යානයක් තුලින් හමුවීමත් එක්ක FBI පරීක්ෂකයන් මේ සිදුවීම් මාලාවට සම්බන්ධ වෙනවා. ඒ 1979 වසරේදී. 150 ට අධික පිරිසක් සම්බන්ධ වුනත් බෝම්බකරු ගැන කිසිම සාක්ෂියක් හොයා ගන්න මේ පිරිසට බැරි වෙනවා. 1980 වෙද්දි බෝම්බකරු ගැන පවසන කෙනෙක්ට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බවට මොවුන් ප්‍රසිද්ධ කරනවා.
1981 සිට 1985 දක්වා බෝම්බ ප්‍රහාර 7 ක් සිදුවෙනවා.1985 දී තමයි ටෙඩ්ගේ ප්‍රහාර වලින් පළමු ජීවිත හානිය වෙන්නේ. 1987 වසරේදී ඇසින් දුටු සාක්ෂි මත , බෝම්බකරුගේ යැයි සැලකෙන කටුසටහනක් ප්‍රසිද්ධියට පත් කෙරෙනවා. මේ සිදුවීමත් එක්ක ටෙඩ් වසර 6කට නිහඩ වෙනවා.
වසර හයක නිහඩතාවයකින් පස්සේ 1993 දී ටෙඩ් ආයෙත් වරක් බෝම්බ ප්‍රහාර එල්ල කරනවා. 1994 දී සහ 1995 දී ටෙඩ්ගේ අවසන් ප්‍රහාර දෙකේදී තවත් ජීවිත හානි දෙකක් වාර්තා වෙනවා. 1995 දී ටෙඩ් "The New York Times" සහ "The Washington Post" පුවත්පත් දෙකට ප්රකාශනයක් යවනවා. ඒකෙ සඳහන් වෙන්නේ, තමන්ගේ ප්රකාශනය පුවත්පතේ පලවුනොත් බෝම්බ ප්‍රහාර නතර කරන බවයි. වචන 35000 සමන්විත මේ ප්රකාශනය "The Washington Post" පලකරනවා. ඇමරිකාවේ තාක්ෂණය හා පරිසර විනාශය ගැන කියවෙන මේ ලියවිල්ල නිසා තමන් අත්අඩංගුවට පත්වෙයි කියලා නම් ටෙඩ් හිතන්නේ නැතිව ඇති.
මේ ප්රකාශනය දකින ටෙඩ් ගේ සහෝදරයා අඳුරගන්න සමත් වෙනවා මේ තියෙන්නේ තමන්ගේ අයියාගේ අදහස් සහ ලිවීමේ රටාව කියලා. මේ පිලිබඳ FBI පරීක්ෂකයන් දැනුවත් කිරීමෙන් පසු , ටෙඩ්ගේ පරණ ලිපි සසඳන ඔවුන් තීරණය කරනවා ඔවුන්ට සැබෑ සැකකරු හමුවී ඇති බවට.
මේ අනුව 1996 වසරේදී ටෙඩ් කැසින්සි නැත්නම් Unabomber (University and Airline Bomber) ව අත්අඩංගුවට ගන්නෙ ඔහු ජීවත්වෙන කුඩා කුටිය තුලදීමයි. බොම්බ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය , සෑදීමේ ක්‍රම සටහන් විශාල ප්‍රමාණයක් මෙහිදී හමුවෙනවා.මේ වෙද්දි Unabomber මෙහයුම FBI ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු පරීක්ෂණය වෙලා ඉවරයි.
ටෙඩ් කැසින්ස්කි මේ වන විටත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබමින් සිටිනවා.
අත්අඩංගුවට පත්වෙද්දි ටෙඩ්ගෙ මුහුනේ තියෙන සිහින් සිනාවත් එක්ක ඒ ඡායාරෑපය ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා.
ඒ හිනාවට හේතුව දන්නෙ නම් ටෙඩ් විතරයි.
ගොඩ කාලෙකට පස්සෙ ටෙඩ්ව නැවත මතක් වෙන්න හේතුව තමයි, ඩිස්කවරි නාලිකාව ඉදිරිපත් කල කතා මාලාව "Manhunt:Unabomber"
| චතුභානු අධිකාරි |