Tik Tok ලොව අංක 1 ට

Tik Tok ලොව අංක 1 ට

2020 වසරේ ලොව වැඩිම බාගත කිරීම් (downloads) වලට හිමිකම් කියන ජංගම දුරකථන යෙදවුම (App එක ) බවට Tik Tok පත්ව තිබේ.
ඒ ඩිජිටල් සමීක්ෂණ ආයතනයක් වූ App Annie හි දත්ත අනුවයි.
ලොව වැඩිම downloads වලට හිමිකම් කියන පළමු app 05 අතරින් facebook සමාගම හිමිකාරිත්වය නොදරන එකම යෙදවුම ද Tik Tok වේ.
Face book හි WhatsApp, Instagram සහ Facebook Messenger යෙදවුම් downloads ප්‍රමාණය අනුව Tik tok වලට පසු ලොව පළමු ස්ථාන පහ අතර රැඳේ.
පසුගිය වසර තුළ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක්ම Tik Tok තහනම් කරන ලද පසුබිමක් යටතේ චීන සමාගමක් වූ
ByteDance සමාගමට අයත් Tik Tok යෙදවුම මෙලෙස ලොව අංක එකේ downloads හිමි යෙදවුම බවට පත්ව තිබේ.

| BBC ඇසුරෙනි |