සාදු නාද මැද සැඟවුණු කඳුළු කරඬුව

සාදු නාද මැද සැඟවුණු කඳුළු කරඬුව

 

ආසියානු කලාපය තුළ මේ වන විට ජීවමානව සිටින අති දැවැන්තම හස්තියා වාර්ෂිකව ඔහුට උරුම දණ්ඩනයට මුහුණ දීමෙන් අනතුරුව පසුගියදා නැවත තමන්ගේ ගම් පියස බලා පියමැන්නේ ය. වයස අවුරුදු හැට තුනක් පමණ වූ දිගු ජීවිත කාලයම, විලංගු ලු සිරකරුවකු ලෙස ගෙවා දමන්නට බල කෙරුණු ඔහුගේ සද්දන්ත සිරුර දැඩි ලෙස විඩාබර බවක් පෙන්වයි. සැතපුම් හැට හැත්තෑවක දුරක් ගිනි ගහන තාර පාරක් මතින් නොනැවතී ඇවිද යාම තවදුරටත් ඔහුට පහසු කටයුත්තක් නොවන බව ද පෙනෙන්නට තිබේ. පුපුරා ඉරිතළා ගිය යටිපතුල් වෙතින් නැගෙන වේදනාව ඉවසා දරා ගනිමින් වුවත් උසින් අඩි එකොළහකට ආසන්න වූ හස්තියාගේ ගමන තවමත් ප්‍රතාපවත්ය. දින කිහිපයකට ඉහත දී සුවඳ මලින් ගවසා, සුවඳ පැන් ඉස මහත් භක්ත්‍යාදරයෙන් වන්දනාවට ලක් කෙරුණු නැදුන්ගමුවේ රුජා මහ ඇතු, රන් මිණියෙන් සුසැදි අගනා ඇඳුම් ආයිත්තම් මුදා, යකඩ දම්වැල් කිලෝ තිහ හතළිහක් උර මත එල්ලා, යළිත් වරක් දුහුවිල්ලෙන් හා වාහන දුමාරයෙන් පිරීගත් කිලිටි වීදියක දක්කාගෙන යන දසුන ව්‍යාජ ධාර්මික හැදියාවකින් වසං කෙරුණු මානව ආත්මාර්ථය පිළිබඳ සිත කම්පා කරවන හෙළිදරව්වකි. ආගමික ලබ්ධිය හා බැදුණු බොහෝ අසුන්දර කාරණාවලදීත්, සමාජ පැවැත්ම සහ සංවර්ධනය උදෙසා ගන්නා ඇතැම් අවිධිමත් කි්‍රයා පිළිවෙත්වලදීත් ඉතා පහසුවෙන් පීඩනයට ලක්වන ෂත්ව සංහතිය පිළිබඳ ලංකාවේ සංකේතීය පිළිබිඹුව වූ රාජා අපට සිහිපත් කරන්නේ දියුණු ලෝක සම්මතයන් හා එක්වීම උදෙසා යන ගමන ලාංකේය ජන සමාජයට කෙතරම් දුෂ්කර හා දීර්ඝ එකක් වනු ඇතිද යන්නය.

ශී්‍ර ලාංකේය පොදු ජන පැවැත්ම සහ එහි සංස්කෘතික මූලයන් ඉතා සාමකාමී සහ අවිහිංසක බවක් මතුපිටින් පෙනෙන්නට ඇතත් ඒ යටින් දිවෙන බොහෝ සමාජ සම්මුතීන් සහ පැවතුම් අතිශය හිංසාකාරී සහ සාහසික බව විමසිල්ලෙන් බැලු විට දැකගන්නට ලැඛෙයි. ශිෂ්ට සම්පන්න ජන වර්ගයක් ලෙස නැගී එන්නට පළමුව, සොබාදහම හා එහි අන්තරායකර බලපෑම්වලට මුහුණ දෙමින්, ජීවිතය මිය යන්නට නොදී රැක ගැනීම සඳහා මිනිසුන් විසින් යොදා ගන්නා ලද ඇතැම් ක්‍රමෝපායන් කාලයත් සම`ග ඉතිහාසයට එකතු වීම අනිවාර්ය කරුණකි. එහෙත් මානව ජීවන පැවැත්ම හා ගැට ගැසී ඇති පාරිසරික සාධක තමන්ට රිසි ලෙස ප්‍රතිනිර්මාණය කරමින් ද ආක්‍රමණශීලීත්වය නම් සහජ මිනිස් ස්වභාවය මුදා හරිමින් ද ගොඩ නැගුණු ඇතැම් හිංසාකාරී ක්‍රියාවලින් පසු කලක දී ආර්ථීක හා සමාජීය සංකේත බවටත්, ඇතැම් දේ සහමුලින්ම සංස්කෘතික අගයන් බවටත් පත්වීම තුළින් නූතන සමාජ ක්‍රමය හා නොපෑහෙන, අවුල් සහගත විකෘතීන් බිහිකිරීම නොවැළැක්විය හැකිය. ජාතීන් හා ආගම් සම්මිශ්‍රණයකින් ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය යනු ඉතාම විවිධ වූත්, ඒ නිසාම ගතික වූත් සංසිද්ධියක්ය යන්න බැරෑරුම් ව තේරුම් ගත යුතුය. එනම්, කිසිවක්

image 1471602892 a880f3e919Nadungamuwe Raja leaves for home - daily mirrorකිසිවිටක පරිපූර්ණ හෝ පරමාදර්ශී නොවන බවත්, කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල වෙනස් වෙමින් ඉද්ර්යට ගමන් කරනු ඇති බවත්ය. ගෝත්‍ර කණ්ඩායම් ලෙස ජීවිතය ගැටගසා ගත් යුගය නිමා කරමින්, චක්‍රාවාටයේ එහා ඉම පවා හාරා අවුස්සන නව ලෝකයක් පාමුල දණ බිම ඔබා වේවැල් කූඩයෙන් පිටතට ඇදගන්නා අසරණ නාගයෙක් කුපිත කර පෙන්වා කාසි කිහිපයක් අයදින මිනිසුන්ගේ ජීවිත, සංස්කෘතික උරුමයන් නැමැති මිථ්‍යාවෙන් වසාදැමීමේ අරමුණ කුමක් දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ. විස දළ උගුල්ලා අඩපණ කෙරූ සර්පයන් ද ආයිත්තම් ඇ`ගලූ වඳුරන් ද පිරිවරාගත් මිනිසුන් සම`ග රටකට පැතිය හැකි සංවර්ධනය කුමක් දැයි තේරුම් ගැනීම ඉතා අසීරුය. තවමත් ඉඳහිට ගම්බද මාවතකදී දැකගත හැකි ගොන් බැඳි කරත්තය පවා සෞන්දර්යාත්මක සටහනක් ලෙස වර්ණනා කරන මිනිසුන්, යකඩ උලකින් සිදුරු කර ඒ තුළින් රිංගවන ලද නයිලෝන් රැහැනකින් පාලනය කෙරෙන, ගෙල බැඳි අධික බර හේතුවෙන් කටින් සෙම හලාගත් අසරණයකුගේ ශෝචනීය ඉරණම ප්‍රශ්න ප්‍රශ්න කිරීමට නොපෙළඹීම ම්ලේච්ඡත්වය කෙරෙහි තම ආකල්පයන්ගේ පවතින නොතැකීම මැනවින් තහවුරු කරන්නකි. ජාතික උරුම යනු රටක් සතුව පවතින ඕනෑම විගඩමක් පූජනීයත්වයෙන් සැමරීම නොවන බවත්, එහි ජීවත්වන මිනිසුන් හා සතුන් ඔවුන් මුහුණ දෙන කටුක දුක් ගැහැටින් මුදා, සාධාරණත්වය උදා කරදීම ජාතිය සතු පරම යුතුකම බවත් අප විසින් වටහා ගත යුතුව ඇත. කවර අසීරුකම්, බාධක දුක්කම් කටොලූ මැද වුවත් ආගම හා සංස්කෘතිය කෙරෙහි ඉතා භක්තියෙන් පුද සත්කාර කිරිමට ශ්‍රී ලාංකේය ජාතිය දක්වන්නේ මහත් ආශාවකි. පොදු මහජනතාවට සාධාරණ වන සේ ආර්ථීක හා සමාජීය අයිතිවාසිකම් හිමිකර දිය නොහැකි ඔවුන්ටම ගැළපෙන අසමත් පාලකයන් විසින් ආගම ඉදිරියට දමා තමන්ට ඔරෙහි ජන බලවේග ශසුරුවා ගැනීම මෙහි ඉතා සුලබය. ඒ අනුව ආගමික පදනමින් සිදු කෙරෙන ඕනෑම කුණු කන්දලක් සාමය සහ සහජීවනය උදෙසා යැයි පවසා නිහ`ඩව ඉවසා සිටීම රජයේ ප්‍රතිපත්තියක් ලෙස සැලකෙයි.

මුන්නේශ්වරමේ කාලි කෝවිල් භූමියේ සිදු කෙරෙන මහා සත්ව සංහාරය මෙන්ම, ඊට ප්‍රතිරෝධය දක්වන බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර දළදා මාළිගා භූමියේ සිදු කෙරෙන සත්ව හිංසනයත් සංඛ්‍යාත්මකව හා ප්‍රමාණාත්මකව අඩුවැඩි වුවත්, මේ දෙකම එකම කාසියක දෙපැත්ත බව ඉතා පැහැදිලි කාරණාවකි. රටේ පොදු නීතිය මිනිසුන් මතු නොව ෂතන් කෙරෙහි පවා කෙතරම් පසුගාමීද යන්න මේ කිසිවක් අපරාධ ලෙස නොතැකීමෙන්ම පෙනී යන්නකි. වසර ගණනාවක් මුළුල්ලේ මහනුවර දළදා මාළිගයේ නිළ ලද්දවුන් විසින් තම සිවිල් බලය යොදාගෙන සිදුකරන අලි ඇතුන් මංකොල්ලය සහ හිංසනය තවමත් කිසිඳු බාධකයකින් තොරව නිදහසේ සිදු කරගෙන යාම ම`ගින් තහවුරු කරන බෞද්ධ ධර්මය නම් සාධකය මේ රට තුළ කෙතරම් පහසුවෙන් අපරාධ සැ`ගවීම කෙරෙහි යොදාගත හැකිද යන සරල නිගමනයයි. වසර කිහිපයකට පෙර ඔවුන් විසින් පින්නවල අලි අනාථාගාරයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන එන ලද ඇත් පැටවුන් දෙදෙනා ඒ පිළිබඳ එක් උදාහරණයක් පමණි. පරිසර සංවිධාන හා ක්‍රියාධරයන් දැක් වූ විරෝධතා කිසිවක් මායිම් නොකරමින් මවගේ කිරෙන් පෝෂණය විය යුතු කිරිකැටියන් දෙදෙනෙක් උදුරාගෙන ඒමෙන් නොනැවතී, දවි සෙනෙහස ඉල්ලා හ`ඩා වැටුණු අසරණයන් දෙදෙනාට යකඩ පොලූවලින් පහර දෙන ඊනියා බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන දියවඩන නිලමේවරයාගේ කාලකණ්ණි හැසිරීම එකල මුද්‍රීත හා විද්‍යුත් මාධ්‍යවල පුවත් මවන්නට හේතු වී තිබුණි. ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉන් එක් ඇත් පැටවෙකුට අදටත් සිය එක් දළයක් අහිමිය. තම දේශපාලන හා සිවිල් බලය භාවිතා කරමින්, අත්තනෝමතික ලෙස හැසිරෙන මේ අපරාධකරුවන් විසින් මෙරටේ අලි සම්පත කෙරෙහි කර ඇති විනාශය අතිමහත්ය. වනයේ අතරමංවූ අලි පැටවුන්ට රැකවරණය සාදා, ඔවුන් පසුව ඔවුන්ගේ නිජ බිම තුළට මුදා හැරීමේ මහ`ගු කර්තව්‍යක් ඉටු කළ උඩවලව ඇත් අතුරු සෙවණත්, අලි ඇතුන් අභිජනනය සහ සංරක‍ෂණය සඳහා කීර්තිමත් ඉතිහාසයක් ඇති පින්නවල අලි අනිථාගාරයත් හිටපු ජනාධිපතිවරයා සහ ආරක‍ෂක ලේකම් වරයාගේ මනදොළ සපුරන සැපයුම්හල් දෙකක් බවට පත්වී තිබුණේද ඉහත කී බෞද්ධ මැර බලය සෙවණක් සේ යොදා ගනිමිනි.

maxresdefault 2

දළදා මාළිගාවේ අවශ්‍යතා සඳහා යැයි පවසමින් පැහැරගෙන ගිය බොහෝ අලි ඇතුන්ගේ ජීවිත බෝහෝ විට අවසන් කෙරුණේ හබරණ සෆාරි ව්‍යාපාරයක දුක්ඛිත වහලූන් වශයෙනි. සෞඛ්‍යය, පෝෂණය සහ ආරක‍ෂාව ආදී කිසිඳු මූලික අවශ්‍යතාවක් ලබා නොදෙමින්, තද අව් රශ්මිය මැද පහර කමින් සේවයේ යොදවන මේ අසරණ සතුන් පිළිබඳ මෙරට වගකිව යුත්තන් පසුවන්නේ අඳ ගොළු බිහිරන් මෙනි. පන්සල් දේවාල සඳහා සිතූ සේ ඛෙදා දුන් අලි පැටවුන් බොහෝමයක් මේ වන විට සිය දුක්බර ජීවිත හැරදා ගොසිනි. උඩුවේ ධම්මාලෝක හා කොළොන්නාවේ සුමංගල ආදී මංපහරන්නන්ගේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක්ව පැවති අලි ජාවාරම නිසා සිය ජීවිත අහිමි වූ, සදාකාලික වහලූන් බවට පත් කළ අලි පැටවුන්ගේ සංඛ්‍යාව අතිමහත්ය. නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමය ඔවුන්ගේ ප්‍රධාන පෙළේ තිප්පළක් බවට හඳුනා ගත්තද නීතියට ඉහළින් ආගම ක්‍රියාත්මක විම නැමැති ඛේදවාචකය ඒ සියල්ල අබිභවා නැගී සිටියි. අදටත් එහි වධ බන්ධනයට ලක්වෙමින් යන්තමින් හුස්ම අල්ලාගෙන හිඳින අලි ඇතුන් කිහිප දෙනෙකි. යහපාලන ආණ්ඩුව පත් වූ මුල් දින කිහිපය මුළුල්ලේ, එවකට වනජීවි නියෝජ්‍ය ඇමතිවරයාව සිටි වසන්ත සේනානායකගේ මාධ්‍ය සැණකෙළියක් බවට පත් වී තිබූ මේ සිදුවීම් කාලයත් සම`ගම නීතියත්, අධිකරණයත් පෙනී සිටින පෙළැන්තිමය කඳවුර යළිත් වරක් හෙළිදරව් කරමින් නිවී යනු දැකගන්නට ලැබුණි. ඒ අනුව නුවර දළදා පෙරහරට මෙවර ඒ තරම් විශාල ප්‍රමාණයක් අලි පැටවුන් එක් වී තිබීම කිසිවෙකුට ගැටලූවක් ඇති කළ බවක් පෙනෙන්නට නොතිබුණි. නමුත් සත්‍යය නම් ඒ බහුතරය නීති විරෝධීව වනයෙන් පැහැර ගත්තවුන් බවය. එසේ නැතිනම් දේශපාලන බලය පාවිච්චි කරමින් ඇත් අතුරු සෙවණෙන් හෝ පින්නවලින් පැහැරගත් අලි පැටවුන් බවය.

බිහිකර ඇති සම්මුතිවාදී දේශපාලනය අනුව තවදුරටත් මේ කිසිවක් අපරාධ ලෙස සැලකෙන බවක්ද නොපෙනෙයි. රටක සොභා සම්පත සහා උරුමයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආගමික සංවිධාන හා රටේ නීත්‍යානුකුල ඇති මේ සංහිදියාව මඟින් අනාගතය උදෙසා මේ රටට ඉතුරු කරන්නේ සාපරාධි ආදර්ශයකි. රටක හිංසනය වැලැක්වීම රජයට අයත් ප්‍රමුඛ කාර්යභාරයක් සේම මිනිසාට මෙන්ම සතා සීපාවටත් එක ලෙස අදාළ උත්තරීතර හිමිකමකි. සත්ව හිංසනය ආගමික පාපයක් ලෙස නොතකන රටවල් පවා සත්ව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථාවෙන්ම දැඩි නීති සකසා තිබේ. නමුත් ඒ කෙරෙහි ඉතා අවම සැලකිල්ලක් දක්වන ලංකාවේ නීතිය අභිබවා කාලි මෑණියන්, විෂ්ණු දෙවියන්, අස්ගිරි හිමිවරුන්, පල්ලි සහා කෝවිල් ක්‍රියාත්මක වන්නේ, සමස්ත රාජ්‍ය පද්ධතියම ආගම් විකාර රූපී පදනමකින් සවිමත් කෙරෙන බැවිනි. ලිබරල්වාදයේ ඒජන්තයින් ලෙස සැලකෙන නව රජයේ අගමැතිවරයා ඇතුළු එහි බහුතරයක් තමන්ගේ ආත්මයන් තුල කිඳා බැස ඇති මිත්‍යාදෘෂ්ටික ආකල්පයන්ගෙන් මිදී ගන්නට සමත් වී ඇති බවක්ද නොපෙනෙයි. සිය අනෙකාගේ අයිතිවාසිකම් පිලිබඳ ඊර්ෂ්යාවෙන් පැසවන ජාතියක් සමඟ, අනෙකා සමඟ හිරි එළියත්, මහා පොළොවත් එකසේ බෙදාගන්නට අකමැති ජාතියක් සමඟ අලි ඇතුන්ගේ උරුමයන් දිනාගන්නට දරන වෑයම අතිශයින්ම දුෂ්කර එකක් වන්නේ එලෙසය. රටක් ජාතියක් ලෙස තව තවත් ගෝත්‍ර ගත වෙමින්, පිලිබඳ තැවෙමින් මහත් භීතියෙන් තැති ගත් මිනිස් පරපුරක් යටතේ සිරගත කෙරුණු සද්ධන්ත අහිංසකයන්ට උන්ට උරුම නිදහස ලබා ගැනීම වෙනුවෙන් නව චින්තනයකින් සන්නද්ධ සටන් කඳවරු බිහිවීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.

සිහිල් හැන්දෑවක වන මැද වැව් පිටියක් අද්දරට වී එහි සරුවට වැඩෙන තණ මිටක්, ඕලු පඳුරක් කන්නට නැදුන්ගමුවේ රාජා ඇතුළු ඔහුගේ පරපුර කිසිදින වරම් නොලබනු ඇති. තම නිජබිම්වලින් ගලවා උන්ට නුහුරු නුපුරුදු කටුක පරිසරයක ඇති දැඩි කළ පරම්පරාවක් යලිත් වරක් ස්වභාවික පරිසරය විසින් පිළිනොගන්නා බවටද කිසිඳු නැත. ඒ කෙසේ වුවත්, ලෝක උරුමයක් බඳු මේ වනජීවී සම්පත තවදුරටත් නොදමා, උන්ගේ ලෝකය හැකි අයුරින්ආරක්ෂා කර දීමශිෂ්ට සම්පන්න සමාජයක දකිමු. විදුලි බුබුළු දහස් ගණනින් සරසා, රන් හුයෙන් දැමු රෙදි පිළියෙන් වසා වන ජිවියෙකුගේ සැබෑ සුන්දරත්වය වනසා දමන මානසික අවුල හටගන්නා මුලය කුමක්දැයි අප වටහාගතයුතුය. පාදයට විලංගු ලු සතෙකු බුදු පිළිමයක් හෝ විහාර ගෙයක් ඉදිරියේ හෙන්ඩුවෙන් ඇන බිම හෙලා මිනිසුන් ලබා ගන්නා තෘප්තිය මොන අර්ථයෙන් වුවත් පරපීඩන තෘප්තියකි.

Somawathiya 1wild elephants sri lanka - milinda wattegedara

තමන් හා එක්ව නැව්ගත කෙරී , ලංකාවට රැගෙන ආ සිය පැරණි මිතුරා වන නවම් රාජාගේ දුක්ඛදායක මරණයෙන් හුදෙකලාවූ නැදුන්ගමුවේ රාජා මේ මොහොත වන විටත් ලංකාවේ ඈත කොනක පැවැත්වෙන පෙරහැර උන්මාදයක ගොදුරක් බවට පත් කිරීම වෙනුවෙන් සුදානම් කෙරෙමින් ඇති. සමාජය තවදුරටත් ඔහු පණ ගැහෙන ජීවියෙකු ලෙස සලකන අයුරක්ද නොපෙනෙයි. දවසේ කුලියට වැඩබිම්වල සේවයේ යොදවන බර යන්ත්‍රෝපකරණයකින් ඔහු වෙනස් වන්නේ ද නැත. රාජා ඇතුළු ලාංකේය හීළා අලි ඇතුන්ගේ සෝචනීය ඉරණම එසේ ලියැවෙද්දී, උන්ගේ අවාසනාවන්ත දිවිය අඳුරෙන් අඳුරට ඇද දැමු ලක් ඉතිහාසයේ අපකිර්තිමත්ම දියවඩන නිලමේවරයා යලිත් වරක් සිය තනතුරට තේරී පත්වූ බව දැනගන්නට ලැබී තිබේ. ශිෂ්ට සම්පන්න රටකදී නම්, මේ වන විට සිරගෙයක වාසය කල යුතුව තිබෙන මේ දුෂිත නිලධාරියා යළිත් වරක් බලයට ගෙන ඒම සඳහා මලවතු අස්ගිරිහිමිවරුන් ඇතුළු රටේ පිළිගත් බෞද්ධ නායකන් සිය ගණනක් සිය අප්‍රමාණ සහයෝගය දී ඇති බවද සැලවේ. ගෝත්‍රික වැඩවසම් සමාජයක, පසුගාමී ආශාවන් සන්තර්පණය කරනු පිණිස සිය ජිවිත කාලයම කිහිපයක දම්වැල් කැබැල්ලකට සිමා කරවූ අසරණ සතුන් පිලිබඳ ශෝකාලාප තවත් වසර ගණනක් යනතුරු මේ දිවයිනෙන් බැහැරව නොයන බව ඒ අනුව ඉතා පැහැදිලිය. නගුලෙන් ගොන් බානෙන් මිදී ට්‍රැක්ටරයටත්, තිරික්කලයෙන් හයිබ්‍රිඩ් මෝටර් රථයටත්, ටෙලිග්‍රෑමයෙන් ඊමේලයටත් ඉතා පහසුවෙන් ලඟාවන්නට සමත් වූ ජාතියක්, තිරිසන් සතෙකුගේ කර මතින් තමන්ගේ ප්‍රෞඩත්වය ලොවට කියාදෙන්නට තැත් කිරීමේ විහිළුසහගත වෑයම පෙන්වා දෙන්නේ, ආගමික මිත්‍යාවෙන් දෑස් වැසී යෑමේ නින්දාසහගත පසුගාමීත්වය හැර වෙන කුමක්ද?

( වසරකට ඉහතදී ලියන ලද්දකි )

| හිරාන් ඩි. සේරම් |