ලෝකය තනියායක් බවට පත් කිරීමේ අරමුණ සහිතව Facebook මව් සමාගමේ නව නාමය ' Meta ' ලෙස නම් කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg නිවේදනය කළා.
මෙම නාමය පිළිබඳ ව්‍යංගයෙන් ඉඟියක් ලබාදෙමින් ඔවුන් මින් පෙර ප්‍රකාශ කළේ සිය සමාගම 'Metaverse' දැක්මකින් ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව ඔවුන්ගේ නව නාමය ' Meta ' ලෙස නම් කළ බවයි Zuckerberg වැඩිදුරටත් පැහැදිලි කළේ.
මෙම දැක්ම අනුව ඉදිරි වසර කිහිපය තුළ ලොව පුරා වෙසෙන මිනිසුන්ට වඩාත් තාත්වික ලෙස මානව සම්බන්ධතා පවත්වාගත හැකි තාක්ෂණික මෙවලම් සිය සමාගම මඟින් බිහි කිරීමට අපේක්ෂා කරන බව Zuckerberg ප්‍රකාශ කළා.
ඊයේ පැවති Facebook වාර්ෂික සම්මේලනයේදී මෙම නව සන්නාමය එළිදැක්වීම සහ අදහස් දැක්වීම සිදු කෙරුණා.
පෙර ලිපිය -