ලොව උසම කාන්තාව ලෙස තුර්කියේ රුමෙයිසා ගිනස් පොත අලුත් කරයි

ලොව උසම කාන්තාව ලෙස තුර්කියේ රුමෙයිසා ගිනස් පොත අලුත් කරයි

ලොව උසම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොත අලුත් කරන්නට  තුර්කියේ රුමේයිසා ගිල්ගි (Rumeysa Gelgi) සමත් වුණා.

තවමත් 24 වන වියේ පසුවන ඇයගේ උස අඩි 07 කුත් අඟල් 0.7 ක් හෙවත් සෙන්ටිමීටර 215.16 ක් වනවා. මින් පෙර ලොව උසම යෞවනිය ( Teenager ) වාර්තාවටද ඇය හිමිකම් කියනවා. 2014 දී එම  වාර්තාව හිමිවනවිට ඇයගේ වයස අවුරුදු 18 ක්.


රුමේයිසා ගේ මේ අසාමන්‍ය උස යාමට හේතුව ඇය Weaver syndrome තත්ත්වයෙන් පෙලීම බවයි දැක්වෙන්නේ. එම තත්ත්වය නිසා පුද්ගලයකෙකුගේ අධිවර්ධනයක් ඇති වන බවයි වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කෙරෙන්නේ.

මේ හේතුවෙන් රුමෙයිසා ගත කරන ජීවිතය නම් පහසු එකක් නොවෙයි. සාමන්‍යයෙන් ඇයට එහා මෙහා යාමට රෝද පුටුවක් අවශ්‍ය වන අතර සුළු දුරක් ආධාරකයක් සමඟ ඇවිදීමට ඇයට හැකියි.



" හැම අවාසියක්ම වාසියකට හරවගන්න ඔබට පුළුවන්, ඒකට ඔබ කවුද කියල ඔබම හඳුනා ගන්න. ඔබ ඔබව  පිළිගන්න. ඔබේ අවස්ථාව හා හැකියාව තේරුම්ගෙන ඔබේ උපරිමය කරන්න "

යනුවෙන් රුමෙයිසා පවසයි.

එසේම තමන් පීඩා විඳින විරල ජානමය තත්ත්වය පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීමටද ඇය අපේක්ෂා කරයි.