XXX සිට RRR දක්වා.. ලංකාව ම SEX  ආතල් එකක !!

XXX සිට RRR දක්වා.. ලංකාව ම SEX  ආතල් එකක !!
ඉස්සර වී එච් එස් වීඩියෝ කැසට්වලින් - ඒ කාලෙ අපි කිව්වෙ ඩෙක් පීස් කියල - පෝන් මූවීස් බලන කාලේ - ඒ කාලෙ අපි කිව්වෙ බ්ලූ ෆිල්ම් ෆිල්ම් එහෙමත් නැත්නම් ට්‍රිබල් (ට්‍රිපල් නෙමෙයි) එක්ස් හෝ කෙටියෙන් ට්‍රිබලක් කියල - කොච්චර අමාරුවෙන් ද ඒවා හොයාගන්නේ. 


එක්ස් අකුරු තුනකින් සංකේතවත් වුණේ බරපතල කාමෝද්දීපන චිත්‍රපට. එක්ස් අකුරු එකයි නං ටිකයි. දෙකයි නං තවත් ටිකක් වැඩියෙන්. තුනයි නං `හොඳ ම` ඒවා. කාලය ගෙවිලා ගියා. ඩෙක් පීස් අභාවයට ගියා. සීඩී ආව. ගියා. ඩීවීඩී ආව. ඒ එක්ක ම බ්ලූ රේ ආදී අලුත් ම ෆෝමැට් වලින් බඩු ඇවිත්. 

ඊට අමතරව ඒ මොකක්වත් නැතුව, ෆෝන් එකෙන් ඉන්ටනෙට් ලොග් වෙලා පෝන් සයිට් එකකට යන්න ඕන ම කෙනෙකුට පුළුවන්. එහෙම බැලුව ම දැන් හරි ම වාසනාවන්ත කාලයක්. කාමෝද්දීපන අනුරාගී වීඩියෝ හරි සුලබයි. 

ඒත් මේක මහා පුදුම දූපතක්. හිටපු ගමන් මොකක්හරි අමුතු දෙයක් වෙනවා. හැබැයි ඒ වෙන හැම දෙයක ම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි, ඒ සිද්දවෙන දේ මොකක් වුණත්, ඊට අනුරූපව, ඉතා ම ගෝත්‍රික සහ ගෝත්‍රික නොවන ලෙස ලංකාවේ සමාජය දෙකට බෙදෙනවා. 


දැන් XXX ඉවරයි. දැන් ඇවිත් තියෙන්නෙ RRR.  ඒ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි RANJAN RAMANAYAKE RECORDS. මේ වෙද්දී මුළු රට ම XXX ආතල් එක ගන්නේ RRR වලින්. හැබැයි ඉතා ම අශිෂ්ඨ විදිහට. 

පෝන් මූවී එකක් බැලීම පෞද්ගලික සහ ශිෂ්ඨ දෙයක්. අපි පෝන් මූවී බලනව වෙනුවට එහා ගෙදර නිදන කාමරේට එබෙන්නෙ නැහැනේ. අන්න එහෙම වුණොත් අශිෂ්ඨත්වය උපදිනවා.  සතා එළියට පනිනවා. තිරිසනා මතුවෙනවා. 

ඒ කියන්නේ අපි XXXවල සිට  RRRවලට එනකොට, ඇවිත් තියෙන්නෙ ඉස්සරහට නෙමෙයි පස්සට. රන්ජන් රාමනායක එයාගේ යාළුවොත් එක්ක කතාකරපු පෞද්ගලික දේවල් අහ අහ මුළු රටක් ස්වයං වින්දනයේ යෙදෙනවා. 

ඒක හුදු සංකල්පීය අනුමානයක් නෙමෙයි, වමනේ යන අප්පිරිය හිතෙන ඇත්තක්. එක්තරා හඬපටයක යූ ටියුබ් කොමෙන්ටුවක තියෙනව, ``අම්මෝ අතේ පාරකුත් ගැහුවා`` කියල. ඇත්ත ම කතාව තමයි, අපි නොදැන ම රන්ජන්ගෙ තරහකාරයො කට්ටියක් මුළු රටට ම අතේ ගස්සනවා.


මේ මාතෘකාව ටිකක් ජුගුප්සාජනකයි වගේ නේ ද ? ඉතින් මොකද කරන්නේ ? මේක තමයි ඇත්ත. මේක තමයි යථාර්ථය. මේ තමයි අපි ජීවත් වෙන සිංහල බෞද්ධ ලංකාව ! ඔබ කැමැති නම්, RRR අහන එක නවත්තලා,``පොඩ්ඩක් කල්පනා කරලා බලන්න !`` 

| විසිකු |