කවුරුවත් ආතල් එකට ලෙඩ වෙන්නෙ නෑ !

කවුරුවත් ආතල් එකට ලෙඩ වෙන්නෙ නෑ !

පොඩ්ඩ බැරිවෙනකොට ඇඟලුම් සේවිකාවන්ට දස පදෙන් නම් දාන්න බලාගෙන ඉන්න ජනතාවකුයි,

ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල වැසිකිළි වල ඇතුළට පවා කැමරාව දික් කරලා පෙන්නලා, සියළු හංවඩු ගහන මාධ්‍ය සනුහරේකුයි,

යැපෙන්නෙ ඒ උදේ ඉඳන් මැෂින් එක්ක හැප්පෙන අත් ගෙනත් දෙන ඩොලර් කීයෙන් හරි තමයි......ඒකත්, අර මැද පෙරදිග දුක් විඳින අසරණ මිනිස්සුන්ට පොඩ්ඩ බැරිවෙනකොට කැලෑ පත්තර ගහන ගම්වල එවුන් ඒ මිනිස්සු ගේන විදේශ විනිමය වියදම් වෙන නිසා දරුවන්ට ඉන්ජෙක්ෂන් එක පවා විදගන්නා සේ තමයි....

කිසි කෙනෙක් ආතල් එකට ලෙඩ වෙන්නෙ නෑ.....ඒ වගෙම ඡායාරූපරිදි මතකයක් ( ෆොටෝග්‍රෆික් මෙමරි ) තියෙන කෙනෙකුට ඇරෙන්න සතියක දෙකක කාළයක් තිස්සේ තමන් හරියටම කොහෙද කොහෙද ගියේ, මොනවද කලේ, කාවද මුනගැහුනේ වගේ දේවල් සියලු තොරතුරු එක්ක ඉදිරිපත් කරන්න හුඟ දෙනෙකුට බෑ....

ඒ නිසා අපි මේ රෝගය ආසාදනය වෙන අය සමාජ සතුරන්, ප්‍රහාරකයන් ලෙස දැකීම නවත්වමු....ඒකෙන් වෙන්නෙ ඔය ලබාගන්න තොරතුරක් වත් ලබාගෙන, මේකෙ ව්‍යාප්තිය පාලනය කරන්න තියෙන අවස්ථාවත් තව තව තුනී වී යාම......

මේ රෝගය ඔබට හැදුණත්, මට හැදුණත් අපි කවුරුවත් ඒකට වගකියන්න ඕන නෑ.....තොරතුරු හිතාමතා සැඟෙව්වොත් අන්න ඒක වරදක්....ඒ ඇරෙන්න අනෙක් දේට කිසිම කෙනෙක් වගකියන්න ඕන නෑ..... කොටින්ම අර චීනෙ මා වවුලා කාපු එකාවත් මේ වෙච්ච විපතට වගකියන්න ඕන නෑ......මෙහෙම දෙයක් වෙන බව තියා, තමන්ගෙ ඇඟට වෛරස් එකක් එන බව දන්නවා නම් ඒ කෙනා උනත් සිය කැමැත්තෙන් එහෙම කරන එකක් නෑ.....

කිසි කෙනෙක් පළමුව හඳුනාගත් කෙනා වීම නිසා ලෝක අපවාද විදිය යුතු නෑ......වෛරස් දකින දිවැස් තියෙන අය සමාජයේ නෑනෙ.....ඒ නිසා එහෙම හඳුනා ගන්නා අය යම් ස්ථානයකට යන පළමු වාහකයන් නොවෙන්න පුලුවන්.....ඔවුන්ටත් එතනින්ම බෝවුණා වෙන්න පුලුවන්.... ඔවුන් යම් දාමයක මැද ඉන්න අය වෙන්න පුලුවන්.....

මේ රෝගය ත්‍රස්ත ප්‍රහාරයක්, යුද්දයක් ලෙස හුවා දැක්වීමත්, එහිදී පරීක්ෂා වලදී හඳුනාගනු ලබන ආසාදිතයන් සතුරන් ලෙස හුවා දැක්වීමත් දැන් අවසන් කරමු.....සියළු ජනමාධ්‍ය වගකීමෙන් යුතුව සිය සමාජ ආමන්ත්‍රණය කළ යුතුයි.....

| දමිත් කේතක ෆේස්බුක් පිටුවෙනි |