ගින්නට පෙට්‍රල් එපා ! - WHO

ගින්නට පෙට්‍රල් එපා ! - WHO

වයිරසය වේගයෙන් පැතිර යන තත්ත්වයක් තුළ සීමා ලිහිල් කිරීම ගින්නට පෙට්‍රල් එකතු කිරීමක් වැනි යැයි රියො ද ජෙනයිරෝ ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ රෆායල් ගැල්සී පවසා තිබේ. මේ වන විට ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දව පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වනු ඇති බවට විශේෂඥයෝ බිය පලකර සිටිති.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රසීලය තුල කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ. ලෝක සෞඛය සංවිධානයේ අනතුරු ඇඟවීම් නොතකා සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බව විශේෂඥයෝ පවසති. මේ වනවිට බ්‍රසීලයේ තුල සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 31,199 ක් වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට පත්ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඉතාලියෙද මෙම අවධානම තවමත් පහව ගොස් නැති බවත් යුරෝපයෙන් පසුව ලතින් ඇමරිකාව පුරා වයිරසය වේගයෙන් පැතිර යන බවත් විශේෂඥයෝ පවසති. දුර්වල සෞඛ්‍ය පද්ධතීන් පවතින පේරු, චිලී සහ මෙක්සිකොව වැනි රටවලද කොරෝනා වයිරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.