බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා !

බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා !

බෙලරූස්හි ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හා රුසියානු ජනපති වැලැදීමීර් පුටින් අතර අද (14) දින පැවැත්වීමට නියමිත සාකච්ජාවට එරෙහිව එරට සිදු කළ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වෙයි. ඔක්ට්යාබ්‍රස්කයා චතුරස්‍රය අසළට රුස්වූ විරෝධතාකරුවන් දහස් ගණනක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් විරෝධතා පවත්වා ඇති අතර ඔවුන් පා ගමනින් ජනාධිපති මන්දිරය වෙත ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

කෙසේවෙතත් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් එරට විපක්ෂය ඉල්ලා සිටින්නේ සාකච්ජාවෙන් අනතුරුව රට විකුණා දැමීමට කටයුතු නොකරන ලෙසයි. බෙලරූස්හි ජනපති ලුකෂෙන්කෝට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති අතර ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජනපති ලුකෂෙන්කෝ වසර 26 ක කාලයක් එරට ජනාධිපති ධූරය හොබවා ඇත.