දශකයේ 'වුල්ෆ් මූන්' දර්ශනය අද !

දශකයේ 'වුල්ෆ් මූන්' දර්ශනය අද !

මෙම දශකයේ සිදුවන පළමු චන්ද්‍රග‍්‍රහණය අද (10) රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 2. 42 දක්වා දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න සඳහන් කර සිටින්නේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස මෙරට වැසියන්ට එය දැකබලා ගත හැකි බවයි. මෙම චන්ද්‍රග්‍රහණය ඇමෙරිකාව නම් කර ඇත්තේ 'වුල්ෆ් මූන්' ලෙසිනි. ඕස්ටෙ‍්‍රලියාවට හා තවත් යුරෝපීය රටවල් කිහිපයකට මෙම චන්ද්‍රග්‍රහණය පැහැදිලිව දැකගත හැකි වුවත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මෙය දිස්වන්නේ චන්ද්‍රයාගේ ආලෝකයේ මද අඩුවීමක් ලෙසිනි. කෙසේවෙතත් මෙම වසර තුල එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් දැකගැනීමට හැකි වන බවද තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.