කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිපදවූවක් විය නොහැකියි-WHO පර්යේෂණ වාර්තාව

කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිපදවූවක් විය නොහැකියි-WHO පර්යේෂණ වාර්තාව

කොරෝනා වෛරසයේ සුලමුල සෙවීමට චීනයේ වුහාන් නගරයේ පර්යේෂණයක නිරතවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ වාර්තාව අද එළිදැක්වීමට නියමිතයි.එම වාර්තාව එළිදැක්වීමට පෙර විදෙස් පුවත් සේවා කිහිපයක් සිය පුවත් සේවා වෙත ලැබුණු  වාර්තාවේ පිටපත අනුව කොරෝනා වෛරසය සත්ත්වයකු හරහා මිනිසුන්ට පැතිරුණු වෛරසයක් විය හැකි බව වාර්තා කර තිබෙනවා.
එසේම මෙම වෛරසය විද්‍යාගාරයක කෘත්‍රිමව නිපදවූ බවට ලොව පුරා ප්‍රචලිත වූ මතය WHO පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් වාර්තා වනවා.
එහෙත් නියත වශයෙන්ම එය කුමන ආකාරයෙන් මිනිසුන්ට පැතිරුණේ ද යන්න පිළිබඳව තවමත් වාර්තා වී නැහැ.

-CNN ඇසුරෙන්