'අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා !' - ඇලිස්.ජේ වෙල්ස්

'අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා !' - ඇලිස්.ජේ වෙල්ස්

'අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම්.' යැයි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් පවසා තිබේ. කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන වොෂිටන් නුවරදී අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය. එමෙන්ම වැඩිදුරටත් අදහස් පලකරමින් ඇය කියා සිටියේ,

" ඉන්දියාව පිටතින් යමක් පැහැදිලියි කියල තියෙනවා එක් තීරයක්. එක් මාවතක්. වැඩ පිළිවෙලේ තියෙන කොටස්වල භූ දේශපාලන ස්වභාවය. අපි ඉන්දියාව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ගැන අපිත් අවධානයෙන්. ආර්ථික පදනමක් නැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහෙනවා. ඒ වගේ ප්‍රධාන සම්පතක් නිසා ස්වාධිපත්‍යය දියාරු වූ එකම රට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි. අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීම හරහා ආර්ථික වර්ධනය පුළුල් වෙනවා." යනුවෙනි.

එමෙන්ම ඊයේ (25) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ කියා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම මෙම ආණ්ඩුව යටතේ කිසිසේත්ම අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.