“VOICE TUBE” සංස්කාරකවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට !

“VOICE TUBE”  සංස්කාරකවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට !

වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කළ තුෂාරා විතාරණට අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්නැයි එම දෙපාර්තමේන්තු නිලධාරින් දන්වා තිබේ. ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් තුෂාරා විතාරණට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ ඊයේ (27) පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙසයි. ඇය විසින් ඊයේ පැමිණීමට නොහැකි බව පැවසූ විට අද (28) පැමිණෙන්නයිද දන්වා තිබේ. ඇය මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කළාය.

එමෙන්ම TheLeader වෙබ් අඩවියේ ප්‍රවෘත්ති නිවේදක සංජය ධනුෂ්ක ද නොවැම්බර් 26 වැනිදා රහස් පොලිසියට කැඳවා පැය 8ක් ප්‍රශ්ණ කර තිබේ.