වොයිස් ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරණගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැය පහක් ප්‍රශ්න කිරීම් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කළ තුෂාරා විතාරණට ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව අද (28) පැය පහක කාලයක් ප්‍රශ්ණ කිරීම් සිදු කර ඇති බව comrade.lk වෙත වාර්තා වෙයි.
| ඡායාරූපය - මනෝහාරි හේවාවසම් |