විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ !

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ !
 
විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව එළඹෙන  නොවැම්බර් මස 26 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණයෙදී  අද (08) දින නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු, ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.
 
2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
 
දෙපාර්ශවය වෙනුවෙන් පෙනී සිටි 
නීතිඥවරුන්ගේ සම එකඟතාවය මත උක්ත  නඩුවේ සාක්ෂි විභාගයට ගැනීම,  නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා  දින නියම කළ අතර එදිනට  සාක්ෂි ලබාදීම සඳහා අදාල සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.