මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරුවන් 6 ක් මුදා හැරේ !

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරුවන් 6 ක් මුදා හැරේ !

පසුගිය ජනවාරි මස ගම්පහ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳට පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.එන් රුවන් පතිරණ හමුවේ කැඳවූ අවස්ථාවේ දී එහි පළමුවන හා අටවන සැකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදුලාගම සහ යුධ හමුදා බුද්ධි නිළධාරී ලලිත් රාජපක්ෂ යන අය හැර සෙසු සැකකාර හමුදා සාමාජිකයින් 6දෙනාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කර ඇත. අදාළ සැකකාර හමුදා සාමාජිකයින් 6 දෙනා නඩුවෙන් මුදාහැරීම සඳහා ලබන 23 වන දා ගම්පහ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර අනෙකුත් සැකකරුවන් දෙදෙනාට ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.