එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන !

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන !

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන පත් විය. ඊයේ (15) සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි. ඒ සඳහා රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන අය ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගැනීමට සිදුවිය. එහිදී රුවන් විජේවර්ධනට ඡන්ද 28 ක් ලබාගත් අතර රවී කරුණානායකට ඡන්ද 10 ක් ලැබී තිබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන පත්විය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වෙයි !