Unlimited internet ලබන සතියේ සිට ?

Unlimited internet ලබන සතියේ සිට ?

අසීමිත අන්තර්ජාල සේවා සඳහා අදාළ පැකේජ ලබන සතිය වනවිට හඳුන්වා දීමට හැකිවනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

ඊට අදාළ සැලසුම් ඉදිරිපත් කරන ලෙස මින් පෙර විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලු සේවා සපයන ආයතන වෙත දැනුම් දී තිබූ අතර මේ වන විට ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති සැලසුම් අධීක්ෂණය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ අනුව බොහෝ දුරට ලබන සතියේ සිට අසීමිත අන්තර්ජාල සේවා පහසුකම් හඳුන්වාදීමට හැකි වනු ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.