අත්අඩංගුවට පත් උදයංග වීරතුංග අද අධිකරණය හමුවට !

අත්අඩංගුවට පත් උදයංග වීරතුංග අද අධිකරණය හමුවට !

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.