උදයංග වීරතුංගට ඇප !

උදයංග වීරතුංගට ඇප !

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටි ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (05) නියෝග කළේය.

ඔහු මේ වන විට අසනීප තත්ත්වක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබන අතර මෙම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  නියම කර තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.