අද කාළගුණය ; දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි !

අද කාළගුණය ; දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි !

අද දින ( ජුනි 01) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවද දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.