මහනුවර යළි සෙලවෙයි !

මහනුවර යළි සෙලවෙයි !

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පෙරේදා (11) රාත්‍රියේ යළිත් කම්පන තත්ත්වයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශය පවසයි.එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා  සඳහන් කර සිටියේ පෙරේදා රාත්‍රී 11 30ට පමණ මෙම කම්පන තත්ත්වය යළිත් සිදුව ඇති බවයි. එය කුණ්ඩසාලේ පන්විල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සතුව ඇති භූ චලන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ක එම කම්පන තත්ත්වය සටහන් වී ඇති බවද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට  පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් හෙට දිනයේදී පත් කිරීමට නියමිත බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයේ මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි කම්පන තත්ත්වයන් වාර්තා විය.