කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් !

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් !

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (09) නියෝග කර ඇත. අධිකරණය මගහැර සිටි තුෂාර සංජීව අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ද කුරුණෑගල මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු අද මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක තුෂාර සංජීව විතාරණ පළමුවැනි විත්තිකරු ලෙස ද නීතිපතිවරයා විසින් නම්කර ඇත.