පොහොට්ටුව අත ගනී !

පොහොට්ටුව අත ගනී !

පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම අද (10) කොළඹදී අත්සන් තැබීය. මීට සුලු වෙලාවකට පෙර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ සාගර කාරියවසම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නීතිඥ දයාසිරි ජයසේකර ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

ඊයේ (09) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන බවයි. ඒ අනුව අද අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් ඉදිරියේදී තවත් එකඟතා කිහිපයකට එළඹීමට නියමිත බවද ආරංචි මාර්ග පවසයි.