TheLeader වෙබ් අඩවියේ ප්රවෘත්ති නිවේදකයාගෙන් රහස් පොලිසිය පැය 8ක් ප්‍රශ්ණ කර ඇති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, රහස් පොලීසියේ ඊළඟ ඉලක්කය තම මාධ්‍ය ප්‍රධානි රුවන් ෆර්ඩිනැන්ඩස්ද යන්න ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විමසා සිටියි.
ලීඩර් වෙබ් අඩවියේ මාධ්‍යවේදී සංජය ධනුෂ්කගෙන් පැය 8ක් තිස්සේ ප්‍රශ්න කළ රහස් පොලීසිය එම වෙබ් අඩවියේ පුවත් විකාශය පටිගත කළ ස්ථානය හා වෙනත් තොරතුරු දිගින් දිගටම විමසා සිටි බව comrade.lk වෙත වාර්තා වෙයි.