ටෙලෝ සහ ප්ලොට් සහය සජිත්ට !

ටෙලෝ සහ ප්ලොට් සහය සජිත්ට !

එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහය ලබා දීමට ටෙලෝ සහ ප්ලොට් සංවිධාන තීරණය කර තිබේ. ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ප්ලොට් සංවිධානයේ් මධ්‍යම කාරක සභාව තීරණය කළ බැවින් ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය දැක්වීමට කටයුතු කරන බව ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් කියා සිටියේය.

ඊයේ (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සාකච්ඡාවකට එක් වී ඇති අතර එහිදී ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාසට සහය දෙන බවට ඉදිරි දින කිහිපය තුළදී නිළ ප්‍රකාශයක් සිදු කරන බවයි. එමෙන්ම පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ඉලංගයි තමිල් අරසු කච්චිහි සහයෝගයද සජිත් ප්‍රේමදාසට ලබාදීම පිළිබඳ සහතික කර තිබේ.