CID නිශාන්ත ද සිල්වා ලංකාවට එවන්නැයි ස්විස් රජයෙන් ඉල්ලීම් කරන්නට ආණ්ඩුව සැරසෙයි !

CID නිශාන්ත ද සිල්වා ලංකාවට එවන්නැයි ස්විස් රජයෙන් ඉල්ලීම් කරන්නට ආණ්ඩුව සැරසෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලා ස්විට්සර්ලන්ත රජයෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුව සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු පසුගිය 24 වැනිදා දහවල් පොලිස් දෙපාර්තමේන්තුවට නොදන්වා සිය පවුල සමග ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ කියා සිටින්නේ නිශාන්ත ද සිල්වා අවසරයකින් තොරව සේවය හැරගොස් ඇති බැවින් විදේශ අමාත්‍යාංශය මැදිහත් වී ස්විට්සර්ලන්ත රජයෙන් ඔහු ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීම් කළ යුතු බවයි. එමෙන්ම ඔහුට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් වීසා ලැබීම සඳහා ඉහළ පෙලේ මැදිහත්වීමක් සිදුව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

'ශානි සමග ගෙනගිය විමර්ශන වලට ජනපති ගෝඨාභයගේ පැහැදීමක් නෑ' CID නිශාන්ත,පවුල ස්විස්ටර්ලන්තයට !