නිශාන්ත ද සිල්වා ලංකාවට එවීම ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කරයි !

නිශාන්ත ද සිල්වා ලංකාවට එවීම ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කරයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලා මෙරට රජය විසින් කළ ඉල්ලීම ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කර තිබේ. එම රටේ නීතිය අනුව නිශාන්ත ද සිල්වා සහ ඔහුගේ පවුලේ අය ආපසු ලංකාවට එවීම තහනම් බවත් ඔහුට එරෙහිව ඉන්ටර්පෝල් වරෙන්තුවක් නොමැති නිසා ඔහු ගැන ක්‍රියා කිරීමට ස්විස් පොලීසියට නීතිමය බලයක් නොමැති බවත් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඊයේ (27) මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන නිලධාරීන් පිරිසක් නිශාන්ත ද සිල්වා හමුවී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක තාජුඩීන්, කිත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් යන අයට අදාළ සිදුවීම් ගැන පැය 3ක් තිස්සේ තොරතුරු ලබාගෙන ඇති බව දිවයින පුවත්පත අද(28) වාර්තා කර තිබේ.