සිරිසේන නිෂ්ක්‍රීයයි ! පියදාස සක්‍රීයයි !!  ශ්‍රීලනිපය අක්‍රීයයි !!!

සිරිසේන නිෂ්ක්‍රීයයි ! පියදාස සක්‍රීයයි !!  ශ්‍රීලනිපය අක්‍රීයයි !!!
ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති අතර නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ. ශ්‍රීලනිප ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික මැතිවරණයකදී ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනුයේ මෙම මැතිවරණයේදීය. 
ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නාමයෝජනා භාරදී අවසන් වන තුරු ම කිසිදු තීන්දුවකට එම පක්ෂය පැමිණියේ නැත. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව කුමන අපේක්ෂකයාට සහය පළ කරන්නේ ද යන්න පිළිබඳව ද එම පක්ෂය තීන්දුවකට පැමිණ නැත. ඇතැම් පිරිසක් ගෝඨාභය රාජපක්ෂට සහය දිය යුතු බව කියා ඇතත් බහුතරයක් ඊට විරුද්ධ වී ඇති බව comrade.lk වෙත වාර්තා වේ. මෙම තත්ත්වය මත නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තල්ලු වී ඇත. 
දේශපාලන විචාරකයන් පවසන්නේ, පක්ෂය රැකගැනීම සඳහා යහපාලන ආණ්ඩුවේ අරමුණු පරදුවට තැබූ ජනාධිපති සිරිසේන, අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂ දේශපාලනයේ දෙපා මුල තබා විශ්‍රාම ගැනීමට සූදානම් වන බවයි.