මෙරට සියලුම බන්ධනාගාර අමුත්තන්ට වැසේ !

මෙරට සියලුම බන්ධනාගාර අමුත්තන්ට වැසේ !

මෙරට සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් අමුත්තන් හට පෙන්වීම ද ඊයේ (07) දිනයේ සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.

කන්දකාඩු හි ස්ථාපනය කොට ඇති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට පසුගිය මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙක් එම කටයුතු වලින් පසු පොළොන්නරුව බන්ධනාගාරය වෙත යොමු කර  තිබුණේ ජුනි මස 26 වැනි දිනය. ඉන් අනතුරුව ඔහු ජුනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර, සිදුකළ PCR පරීක්ෂාවේ දී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව රැඳවූවාගේ සමීපතමයන් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ මේ වන විට ආරම්භ වි ඇති අතර ඔවුන් පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කිරීමට කටයුතු කර තිබේ.