සුබ ආරංචියක් ! පළමු ලාංකික කොරෝනා ආසදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි !!

සුබ ආරංචියක් ! පළමු ලාංකික කොරෝනා ආසදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි !!

මෙරට කොරෝනා රෝගය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පූර්ණ සුවය ලබා අද (23) IDH රෝහලෙන් පිටව ගොස් තිබේ. මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි වියේ පසුවූ මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර  තිබේ. පසුගිය 11 වැනිදා මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අංගොඩ බෝවන රෝග විද්‍යායතනය (IDH) ඇතුලත් කෙරිණ.එහිදී නිසිලෙස නිරෝධායනය  හා ප්‍රතිකාර ලැබීමෙන් පසුව මොහු සම්පූර්ණ සුවය ලබා අද එම රෝහලින් පිටව ගොස් තිබේ.