ජනාධිපතිවරණය ; ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව කල් දමයි !

ජනාධිපතිවරණය ; ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව කල් දමයි !

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (06) පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිතව තිබුනද එය අවලංගු කර තිබේ. ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වූ අතර පැය 2 හමාරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡා වලින් අනතුරුව පක්ෂයේ අවසන් තීරණය ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැවරූ බව ශ්‍රිල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සඳහන් කළේය. කෙසේවෙතත් අද පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාව නැවත පැවැත්වෙන වේලාවක් පිළිබඳව තවමත් දැනුම් දී නැත.