'අපි ශ්‍රී ලංකා' සමුළුවට ගිය ආසන සංවිධායකවරු ශ්‍රීලනිපයෙන් ඉවතට !

'අපි ශ්‍රී ලංකා' සමුළුවට ගිය ආසන සංවිධායකවරු ශ්‍රීලනිපයෙන් ඉවතට !

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඉවත් කළ ආසන සංවිධායකවරුන් වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බවද පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේය.