යුරෝපයෙනුත් ශවේන්ද්‍රට මානව හිමිකම් චෝදනා !

යුරෝපයෙනුත් ශවේන්ද්‍රට මානව හිමිකම් චෝදනා !

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමත් සමඟ ජර්මන් විදේශ කාර්යාලයේ මානව හිමිකම් ප්‍රතිපත්ති හා මානුෂීය ආධාර පිළිබඳ ජර්මන් රජයේ කොමසාරිස් ආචාර්ය බර්බෙල් කොෆ්ලර් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළාය. ඇය කියා සිටියේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ හමුදාපති ලෙස පත් කිරීම ගැන දැඩි සැළකිල්ලෙන් පසු වන බවයි. 

68658412 2444698698952657 3588301182734434304 n

කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ලුතිනන් ජනරාල් සිල්වාට එරෙහිව යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් "දැඩිලෙස සැලකිලිමත්" වන බවත් ඔහුගේ පත්කිරීම නිසා "සංහිදියාව සහ වගවීම" සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බවයි.

canada

යුරෝපා සංගමය විසින් රටවල් හයක දූත මණ්ඩල වල එකඟතාව ඇතිව ඊයේ (20) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම පත්කිරීම නිසා සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මේ පිළිබඳව යොමු කර ඇති දැඩි අවධානයට පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ය.

69278853 2360302947424415 3992385205024325632 n 1sinhalatamil

මේ අතර ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් මතුවන ප්‍රතිචාර වලට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිතුරු දෙමින් කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවත් විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන බවත් ය.