ශානිට සිතාසි නෑ ! ඉල්ලීම අහකට !!

ශානිට සිතාසි නෑ ! ඉල්ලීම අහකට !!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුට විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසටත් නීතිඥ ජාලිය සමරසිංහ විසින් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (23) ප්‍රතික්ෂේප කළා ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පීඩාකාරි ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දුන් නියෝගයක් ශානි අබේසේකර ක්‍රියාත්මක නොකළ බව පවසමින් නීතිඥ ජාලිය සමරසිංහ විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ඔහු කියා සිටියේ 2015 මාර්තු 03 වන දා සහ 2015 ජුනි 18 වන දා කර තිබු නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් ශානි අබේසේකර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 216 වගන්තිය යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවයි.

අද නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කර තිබූ පෙර නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් නීතිපති උපදෙස් කැඳවා ඇති බවත් එම සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී නොමැති බව පෙනී යන බවත් ඒ අනුව පැමිණිල්ලේ පෙන්වා දෙන පරිදි ශානි අබේසේකර වරදක් කර ඇති බවට ප්‍රමාණවත් කරුණු නොමැති බවයි.