අසංක සායක්කාරගේ ෆේස්බුක් ගිණුම පැහැරගනියි !

අසංක සායක්කාරගේ ෆේස්බුක් ගිණුම පැහැරගනියි !

සමාජ ක්‍රියාකාරික අසංක සායක්කාරට අයත් ෆේස්බුක් ගිණුම කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් `හැක්` කරනු ලැබ ඇති බව comrade.lk  වෙත වාර්තා වෙයි. අද (09) දින පෙරවරුවේ සිට තම ෆේස්බුක් ගිණුමට ඇතුළු විය නොහැකි ලෙස මුරපද වෙනස් කර ඇති බව අසංක සායක්කාර කියා සිටියි. එසේ වුව ද කිසියම් පුද්ගලයකු විසින් එම ගිණුම සදාචාර විරෝධී ලෙස නියාමනය කරන බව ඔහු අවධාරණය කරයි. එම ගිණුමට යොමු කෙරෙන පෞද්ගලික පණිවිඩවලට එකී පුද්ගලයා හෝ කණ්ඩායම පිළිතුරු එවීමෙන් එය හෙළිදරව් වන බව සායක්කාර වැඩිදුරටත් කියා සිටියි.

මෙම පුද්ගලයා හෝ කණ්ඩායම කවුදැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නැතත්, මෙය ද පසුගිය කාලයේ දියත් වූ ප්‍රකාශනයේ නිදහස ඇහිරීමේ තවත් පියවරක් විය හැකි බව අනුමාන කළ හැකිය. පසුගිය අගෝස්තු 07 දා  මහවැලි කේන්ද්‍රයේ පැවති පොත් එළිදැක්වීමකදී, මෙරට ආගමික බලාධිකරයේ වියරුවට එරෙහිව, අසංක සායක්කාර විසින් ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළ බව ද පාඨක ඔබට සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු. එපමණක් නොව, මේ නින්දිත ක්‍රියාව comrade.lk අපි සහමුළින් ම හෙළා දකිමු ! 

අසංක සායක්කාර ලංකා ජනරළ යන පුවත්පත්වල හිටපු විශේෂාංග කර්තෘවරයා ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් - ප්‍රේමසිරි කේමදාස - ප්‍රින්ස් ගුණසේකර වැනි චරිතාපදාන මෙන් ම පසුගිය දා එළිදැක්වූ `වසරේ හොඳම කෙටිකතාව` ඔහු විසින් රචනා කරන ලදී. ශ්‍රීමත් සූමන, සංඝදාසගෙ චූටි කලිසම සහ මම කෙලින් මිනිහෙක් යනු ඔහු නිර්මාණය කළ වේදිකා නාට්‍ය වේ. 

ඔහුගේ හිතවතුන් මෙම ක්‍රියාව පිළිබඳව ෆේස්බුක් ගිණුම් හරහා සියළු දෙනා දැනුවත් කර ඇති අතර ඊට සායාක්කාරගේ ගිණුම ඔස්සේම අදාළ පුද්ගලයා (හැකර්)  ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේ ය.

asanka sayakkaraaaa

 asanka saya 2