අපි සවුදියෙ හිර වෙලා ! " කැටිපෙ , අපිව අපේ රටට වැඩක් නැද්ද ? "

අපි සවුදියෙ හිර වෙලා ! " කැටිපෙ , අපිව අපේ රටට වැඩක් නැද්ද ? "

``අපි සෞදියෙ හිර වෙලා ! කැටිපෙ, අපේ රටට අපෙන් වැඩක් නැද්ද ? "

 
අපගෙන් එසේ ඇසූ ඒ දුරකථන ඇමතුම ආවේ ඊයේ ( සැප්තැම්බර් 03 ) පෙරවරුවේ ය. සෞදි අරාබියේ සිට මෙරටට පැමිණීමට නොහැකිව සිරව සිටින අපේ ම සහෝදර පිරිසකගේ පොදු දුක් ගැනවිල්ල ඒ ඇමතුමේ තිබිණි. ජනතාවනි, ඔවුන්ගේ කතාවට සවන් දෙන්න. බලධරයිනි, ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් දෙන්න. සම්පූර්ණ ඇමතුම මෙසේ ය. 
 
 
``මේක හංගලා කියන්න දෙයක් නෙමෙයි. ඇත්ත සිද්ධිය මේක.
 
මම ඉන්නේ සෞදියේ ජෙද්දාවල.  ඒ කියන්නෙ සෞදි රටේ, ජෙද්දා නගරයේ. මං ඊයෙත් එම්බසියට ගිහිල්ලා කෑගහලා ආවේ. මැයි මාසේ 27 තමයි මගේ ජොබ් එක ඉවර වුණේ. මාස දෙකහමාරක් නෙවෙයි දැන් මාස තුනකට කිට්ටු වෙන්න එනවා. කොරෝනා තත්වය යටතේ මව්බිමට යෑමේ අවස්ථාව අපට අහිමි කරලා.
 
දැනට ලංකාවට සෞදියෙන් ගිහිල්ලා තියෙන්නෙ ෆ්ලයිට් දෙකයි. මේ කොරෝනා එකෙන් පස්සෙ පළවෙනි ෆ්ලයිට් එක යන්නෙ ජූලි මාසේ.  ජූලිවල රියාද් වලින් යැව්වා එක ෆ්ලයිට් එකක්. ඊට පස්සේ දෙවැනි ෆ්ලයිට් එක යන්නේ අගෝස්තු මාසේ 27 වෙනිදා දමාම් වලින්. ඔය දෙක ඇරෙන්න අද වෙනකන් එක ෆ්ලයිට් එකක්වත් නැහැ. 
 
අපි ඉන්නේ ජෙද්දා වල.  ජෙද්දා කියන්නෙ, සෞදියෙ තියෙන ලොකුම සිටි එක. ප්‍රශ්නෙ තියෙන්නෙ, මේක දිගින් දිගටම ඇදී ඇදී යනවා. එම්බසියෙන් කිව්ව ගිය මාසේ 28 වැනිදා ෆ්ලයිට් එකක් තියෙනවා කියලා. ඒක කන්ෆර්ම්  කරලා තිබ්බේ.  මං ලංකාවෙ ප්‍රොෆෙසර් ජයනාත් කොළඹගේටත් personally කතා කලා. ඊට පස්සේ එයා කිව්වා "හරි පුතා පුළුවන් තරම් ඉක්මනට අපි සෞදියට ෆ්ලයිට් එකක් දෙන්නම්" කියලා.
 
ඊට පස්සේ ප්‍රසිඩන්ට්ගේ පේජ් එකටත් මැසේජ් එකක් දැම්මා. මම දන්නෙ නෑ ඒක කවුරු කරනවද කොහොමද කියලා. කොහොම හරි කිසිම ප්‍රතිඵලයක් නැතිව තියෙද්දි 28 වෙනිදා ෆ්ලයිට් එකක් කන්ෆර්ම් වුණා ලංකාවෙන් ජෙද්දාවලට එවනවා කියලා. ඔය 28 වැනිදා ෆ්ලයිට් එකට  යන්න නම්  25 ඒ කියන්නෙ දවස් තුනකට ඉස්සෙල්ලා pcr ටෙස්ට් එක කරන්න ඕනේ. ඉතින් අපිට එම්බසියෙන් දැනුම් දුන්නා මෙහෙමයි ඔයාගෙ රෙෆරන්ස් නම්බර් එක මේක කියලා.
 
25 වැනිදා අපි  ගියා pcr වලට.  ගියාම ඔන්න එදා උදේ කියනවා හදිස්සියේම ෆ්ලයිට් එක හෝල්ඩ්කරලා කියල. කැන්සල් කරලා නෙමෙයි හෝල්ඩ් කරලා රිෂෙඩියුල් කරනවා කියලා. හේතුව ඇහුවම ඒගොල්ලො කිව්වෙ ලංකාවෙ කොරොන්ටයින්  සෙන්ටර්ස්වල ඉඩ නෑ කියල. මෙහෙ ඉන්න කට්ටිය ලංකාවට ආවාම ඔය කොරොන්ටයින් ප්ලේස් එක ලෑස්ති කරලා  ඔක්කොම ශෙඩියුල් කරල තමයි සාමාන්‍යයෙන් ෆ්ලයිට් එහෙකට ඕකේ එකක් දෙන්නෙ. එතකොට ෆ්ලයිට් එක මෙහෙ 28 කන්ෆර්ම් කියලා කියනකොටම ලංකාවෙ මේ ෆ්ලයිට් එකට එන කැපෑසිටි එකට අදාළ කොරොන්ටයින් සෙන්ටර්ස් හදලා තියෙන්න ඕන.
 
මං ලංකාවෙ  එම්බසියට,  කොවිඩ් සෙන්ටර් එකට ඊට අමතරව ජයනාත් කොළඹගේ මහත්මයට ලියුමකුත් යැව්වා. ඊමේල් කරල සහ ඒක ලංකාවෙන් පොස්ට් කරලා. ඒකෙන් අපි කිව්වා, අපි ලංකාවට එනවා, ගෙවලා කොරන්ටයින් කරන්න කැමතියි කියලා. හොටෙල්වලට ගිහින් පේඩ් කොරෝන්ටයින් ඉන්න කැමතියි කියලා. ඊට අමතරව මෙහෙන් එන ෆ්ලයිට් ටිකට් එකටත් අපි වියදම් කරන්නේ. එතකොට ලංකාවේ ආණ්ඩුවට කිසිම බරක් නෑ. ගෙන්න ගන්න එක විතරයි කරන්න තියෙන්නෙ.
 
මං විතරක් නෙමේ ෆ්ලයිට් එකේ 280ක් එන්ඩ තියෙනවා . ඒකෙන් අඩුම තරමේ සීයක්වත් ගෙවලා කොරෝන්ටයින් ඉන්න කැමති අය ඉන්නවා. ඉතින් එහෙම දේකටත් කැමති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි කියන්නේ කොරන්ටයින් කරන්න තැනක් නෑ කියල. එතකොට අපිට කොරොන්ටයින් කරන්න ලෑස්ති කරල තිබ්බ තැන කවුද ගත්තේ ? ඉතින්  අපි ඒ අයගෙන් ඇහුවා අපිට තිබ්බ කොරෝන්ටයින් ප්ලේස් එක කවුද ගත්තේ මොන ෆ්ලයිට් එකෙන් ආව අයටද ඒක දුන්නේ කියල.  මොකද ෂෙඩියුල්  කරපු කොරෝන්ටයින් ප්ලේස් එක අපිට නැති වුනේ ඇයි කියන එකට උත්තර නෑ .
 
මොකද සෞදියෙන් ආවේ නැති වුණාට හැමදාම ලංකාවට  අනික් රටවල් වලින් ෆ්ලයිට්ස් එනවා. ඒ එන්නෙත් මිනිස්සු තමයි. හැබැයි අපිත් මිනිස්සු.
 
ඊට පස්සේ කතා කරලා ඇහුවම කිව්වා,ආණ්ඩුවේ ඉහළම පෙළේ කෙනෙක් හරහා එනවනම් සතියක් ඇතුළත ෆ්ලයිට් එකක් දෙන්නං කියලා.
25 න් පස්සේ තමා ඒක කිව්වේ.  එතකොට 28 ෆ්ලයිට් එක කැන්සල් වෙලා.ෆ්ලයිට් එක රිෂෙඩියුල් වුණා හත් වෙනිදාට. එහෙම තියෙද්දි පෙරේදා කතා කරලා  කිව්වා, ගිහිල්ලා ටිකට් ගන්න කියලා. 
 
මම ජෙද්දාවල ඉඳලා කිලෝ මීටර 200ක් යන්න ඕනෙ එම්බසිය තියෙන තැනට. ඊයේ (සැප්තැම්බර් 02) උදේ කිලෝමීටර 150ක් විතර යද්දි  එම්බසි එකෙන් කෝල් කරලා කියනවා ඔයා එන්න එපා ආයෙ ෆ්ලයිට් එක පරක්කු වෙලා කියලා. මං කිව්වා මම දැන් භාග‍යක් ඇවිල්ල ඉන්නෙ කියල. දැන් මං කොහොමත් එම්බසියට හරි එනවා කියලා. මම ගියා ශ්‍රී ලංකන් ඔෆිස් එකට. ටිකට් ඉශු කරන එක නවත්තලා. ඊට පස්සේ එම්බසියට ගියා. ඊට පස්සේ ආපු මිනිස්සුත් එක්ක අපි ගිහිල්ලා කතා කරා .
 
දැන් ඒගොල්ලො කියන අලුත්ම එක තමයි ලංකාවේ covid සෙකන්ඩ් wave එකක් ද දන්නෑ පැතිරෙනවා ,ඒ නිසා ලංකාවට ෆ්ලයිට් ගන්නේ නෑ සීමා කරනවා කියලා.  5 වෙනිදා වෙනකං ෆ්ලයිට්ස් කිසිම දෙයක් ලංකාවට ගන්නෙ නෑලු.
 
එතකොට 28 මේගොල්ලො  ෆ්ලයිට් එක නවත්තන්නෙ ලංකාවේ කොරන්ටයින් සෙන්ටර්ස්වල ඉඩ නෑ කියලා. 28 වෙනිදා ඉඳලා  මේ 4 වැනිදා වෙනකන් ලංකාවේ අනිත් රටවල් වලින් මිනිස්සු 3000ට වැඩිය ගෙන්නුවා. 28 මේ ෆ්ලයිට් එක cancel කරා. 29 ලංකාවෙන්  කියනවා අපි පර්ත් වලට ගුවන් ගමන් ආරම්භ කළා කියල . ඊට පස්සේ පර්ත් වලින් ඊයේ ෆ්ලයිට් එකේ ආවා ලංකාවට තුන්සිය ගානක් අරං. මේ ගේන්නෙත් ලංකාවෙ මිනිස්සු තමයි. ඒත්  ඇයි ඒ පර්ත් වලට විතරක් ? 
 
දැන් ඊයේ ඊශ්‍රායල් වලින් ආවා ෆ්ලයිට් එකක් ඊයේ රෑ ඒ කියන්නේ අද උදේ ලංකාවේ. ඇයි සෞදියේ අපිට විතරක් එන්න බැරි ? 
මෙහෙ තියෙන නීතිය තමයි, ලංකාවට ගෙන්නන්න ඉස්සෙල්ලා PCR ටෙස්ට් එක මෙහෙ කරනවා. Positive වුනොත් එවන්නෙ නෑ. Negative වුනොත් විතරයි මෙහෙන් ෆ්ලයිට් එකට ගන්නෙ. ඒ පැත්තෙන් කිසිම අවදානමක් නැහැ.
 
ඊයේ ආව බහුතරයක් තිහක් තිස්පහක් කිඩ්නි පේෂන්ට්ලා. එක්කෙනෙක් ඉන්නවා ඔපරේෂන් කරලා බට දාලා තියෙන්නේ ඇවිදින්නවත් හොඳ නෑ . එයාව කෙලින්ම ලංකාවට එවන්න ඕන. එයාටත් එන්න විදිහක් නෑ. සමහර  නැව්වල වැඩ කරන කොල්ලෝ එම්බසියෙ වචන විශ්වාස කරලා මෙහෙන් බැහැලා, දැන් ඒ අයටත් යන්න විදිහක් නෑ. මං එම්බසියට කිව්වා ඔය ගොල්ලෝ මේ  මිනිසුන්ව බලාගන්න ඕන කියලා. මොකද මේ මිනිස්සු ලංකාවෙ මිනිස්සු. ඒ මිනිස්සුන්ට දැන් ඉන්න තැනකුත් නෑ. කන්න බොන්න නෑ. 
 
එම්බසිය ඇත්තටම වැඩක් කරන්නේ නෑ කියල කියන්නෙ නෑ. ඒත් එම්බසිය මේ ප්‍රශ්නයට දෙන අවධානය හොඳටම මදි.
 
කරුණාකරලා සෞදියේ හිර වෙලා ඉන්න ලාංකිකයන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් මොකක්හරි කරන්න කැටිපෙ !``