20 ට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට !

20 ට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ පස්වරුවේම නීතීඥවරයෙකු ඊට එරෙහිව විශේෂ පෙත්සමක් ගොනු කළේය. අධිකරණ ඇමැති අලි සබ්රි විසින් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු ඒ වන විටත් කළුපටි බැඳගෙන 20 ට එරෙහිව සිය විරුද්ධත්වය ප්‍රකාශ කළහ. කෙසේවෙතත් 20කෙටුම් පත දෙවැනි වර කියවීම සිදුකළ හැකිවන්නේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා දින 21 ක් ලැබෙන අතර කෙටුම් පත සභාගත කොට දින 7ක් ගතවනතුරු ඊට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ හැකිය.