රොබට් මුගාබේ සමුගනී !

රොබට් මුගාබේ සමුගනී !

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් ගේබ්‍රියෙල් මුගාබේ අද (06) සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 95 වියේ පසුවූ ඔහු දශක තුනකට (වසර 37) ආසන්න කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කර ඇත. 1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ අතර 1980 දී එරට නිදහස ලැබීමෙන් පසු එහි පළමු අගමැති බවට පත් විය. 1987 දී ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් වූ ඔහු 2017 වසර තෙක් සිම්බාබ්වේ ජනාධිපති ලෙස කටයුතු කර ඇත.