රිෂාඩ් යළි රිමාන්ඩ් !

රිෂාඩ් යළි රිමාන්ඩ් !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර්  10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මහ මැතිවරණ සමයේ  අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන්  පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. අනතුරුව  ඔහු කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර පසුගිය 22 වනදා පැවති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීමටද පා. ම. රිෂාඩ් බදියුදීන් සහභාගී විය.