චිත්‍රපට පෙන්වන්න අවසර ඉල්ලයි !

චිත්‍රපට පෙන්වන්න අවසර ඉල්ලයි !

සීමාවන්ට යටත්ව සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික චිත්‍රපට සංස්ථාව කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වෙත ලිපියක් යොමු කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සඳහන් කර සිටියේ කොරෝනා වසංගතයත් සමග සිනමා කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. එම නිසා එම ලිපිය මගින් ඔවුන් පවසා සිටින්නේ දුරස්ථභාවය ආරක්ෂා කරමින් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර ලබාදෙන ලෙසයි. මේ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැළකිල්ලට ගෙන සිනමාශාලා වසා දමන්නේ ද යන්න පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර අද (08) අවසන් තීරණයක් ගන්නා බවයි.