සිනමාහල් යළි විවෘත කෙරේ !

සිනමාහල් යළි විවෘත කෙරේ !

දිවයිනේ සියලු සිනමා ශාලා සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ලබන 27 වැනිදා සිට විවෘත කෙරෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය මාර්තු මස 14 වැනිදා සිට මාස තුකට අධික කාලයක් සිනමා ශාලා වසා දමා තිබු අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවත් විවෘත කිරීමට පෙර සියලු සිනමා ශාලා විෂබීජහරණයට ලක් කෙරෙන බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් ලැයිස්තුගතව පවතින බවත් ඉදිරියේදී සිනමා ශාලාවලට පැමිණෙන්නන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිත බවත්ය.

කෙසේවෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා වසා දැමුණු සිනමාහල් යළි විවෘත කෙරෙන බවත් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂ කිස්ටෝපර් නොලන්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ටෙනෙට් ලබන මස 31 වැනිදා සිනමාහල් වල ප්‍රදර්ශනය කරන බවත් එම චිත්‍රපටය බෙදා හරින වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.