ඉන්දියාව, ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම (RCEP) ප්‍රතික්ෂේප කරයි !

ඉන්දියාව, ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම (RCEP) ප්‍රතික්ෂේප කරයි !

ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම (RCEP) ලෙස සැලකෙන කලාපීය ආර්ථික සහයෝගීතාවයට සම්බන්ධ නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කළේය.මෙම ගිවිසුමට අත්සන් තැබීමට රටවල් 16 එකඟත්වය පළකර ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ RCEP ගිවිසුම එකඟ වූ ප්‍රතිපත්ති වලට අනුකූලව පවත්වාගෙන නොයන බැවින් මෙම පියවර ගත් බවයි.

මෙම නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීම මගින් සිය වෙළඳපොළ ලාභදායී චීන නිෂ්පාදනවලින් පිරී ගොස් දේශීය නිෂ්පාදකයන්ට අහිතකර බලපෑම් එල්ලකරනු ඇති බවත් ගිවිසුමෙන් වැඩිම වාසි අත්කරගන්නා රාජ්‍යය චීනය බවට පත්වනු ඇති බවත් නරේන්ද්‍ර මෝදි සඳහන් කළේය. ඉන්දියාව මීට පෙර සඳහන් කර තිබුණේ මෙම ගිවිසුම මගින් සියලු පාර්ශවයන්ට වාසි ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය යන්නයි. කෙසේවෙතත් ඉන්දියාව හැරුණුකොට චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් 16ක් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.