රන්ජන් ඇප මත නිදහස් !

රන්ජන් ඇප මත නිදහස් !

පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කළා යැයි චෝදනා මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (20) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත රන්ජන් රාමනායක  මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් මස 20 වැනිදා (අද) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 14 වැනිදා නියෝග කළේය. ඒ පොලිසියේ රාජකාරි කටයුතු වලට බාධා කළේ යැයි කියමින් අප්‍රේල්  (13) වැනිදා රාත්‍රියේ මිරිහාන පොලිසිය විසින් රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.