හිටපු අගමැති හා අකිල ජනපති කොමිසම හමුවට !

හිටපු අගමැති හා අකිල ජනපති කොමිසම හමුවට !

 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (31) පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පසුගිය දා දැනුම් දී තිබිණි. ඒ අනුව ඔහු සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේය.  මේ අතර පසුගිය අගෝස්තු 26 වන දින පැය 9ක කාලයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ද මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගත් අතර ඔහු විසින් පොලිස් ඒකකය හමුවට තමාට පැමිණීමට නොහැකි බව දැනුම් දිමෙන් අනතුරුව එම නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබිණි.