රන්ජන් බලන්න රනිල් වැලිකඩට !

රන්ජන් බලන්න රනිල් වැලිකඩට !

රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගොස් තිබේ. ඔහු සමඟ ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමද මැගසින් බන්ධනාගාරයට පැමිණ ඇති බව ආරංචි මාර්ග පවසයි.

හඬපට සිදුවීමට අදාලව බන්ධනාගාර ගත කර සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතව තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගිය 12 වැනිදා නියෝග කළේය. සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ නොමැති අතර මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඊයේ (13) ඔහු බැලීමට පැමිණීම විශේෂත්වයකි. මේ වනවිට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ‘පී’ සිර මැදිරියේ රඳවා සිටින අතර එම සිරමැදිරියේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනද රඳවා සිටින බව ආරංචි මාර්ග පවසයි.