රනිල් විපක්ෂනායක ලෙස පිළිගන්න වෙනවා ! - කරූ ජයසූරිය

රනිල් විපක්ෂනායක ලෙස පිළිගන්න වෙනවා ! - කරූ ජයසූරිය

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා විපක්ෂ නායක ලෙස පිළිගැනීමට සිදු වන බව කතානායක කරූ ජයසූරිය සඳහන් කළේය. සිය ට්විට්ටර් ගිණුම මගින් ඔහු සඳහන් කර තිබෙන්නේ කවුරුන් හෝ ඊට අභියෝග කරන්නේ නම් එය පක්ෂ අභ්‍යන්තරයේ විසඳා ගත යුතු කරුණක් බවයි.

පසුගිය නොවැම්බර් 21 දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එදිනම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසයි. එමෙන්ම විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට යෝජනා කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ද කථානායක කරූ ජයසූරිය වෙත යොමු කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ (26) විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විය. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය අතර එම සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කථානායක නිල නිවසේදී පැවැත්වූ අතර ඒ සඳහා සජිත් ප්‍රේමදාස සහභාගී වී නැත.

 fgeffgfwehjgfhueb