රනිල් ,සාගල, රුවන්, රංජිත් හෙට(06) පාස්කු ප්‍රහාර කාරක සභාව හමුවට ?

රනිල් ,සාගල, රුවන්, රංජිත් හෙට(06) පාස්කු ප්‍රහාර කාරක සභාව හමුවට ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා හෙට(06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කැඳවා ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවීමේ සුදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි. මෙම පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස අවසන් සති දෙක තුළ නිකුත් කිරීමට නියමිතව ඇත.