එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට රනිල්ගෙන් යළි කැඳවීමක් !

එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට රනිල්ගෙන් යළි කැඳවීමක් !

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව සිටින බව comrade.lk වෙත වාර්තා වෙයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර එජාප ජනාධිපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 42 කු අත්සන් කළ ලිපිය ද අද (06) අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරයෙකු සඳහන් කළේය.